>
 
 
 
 
 
 
Login Form
free counters

සයීෆ් අලී ඛාන්ගේ හා කරීනා කපූර්ගේ විවාහය.

Last Updated (Sunday, 29 January 2012 14:20)

 

දැයට කිරුළ වෙනුවෙන් අද සිට පාසල් 50ක් වැසේ

අනුරාධපුරයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සහ නිදහස් උත්සවය නිමිත්තෙන් පාසල් 50ක් පමණ වසා දැමීමට සිදුව ඇතැයි උතුරුමැද පළාත් මහඇමතිවරයා පවසයි.

ඇතැම් පාසල් අද (26 බ්‍රහස්පතින්දා) දිනයේ සිටම වසා තැබෙනු ඇති අතර ඉතිරි පාසල් ද අවශ්‍යතාවය අනුව වසා දැමීමට සිදුවනු ඇතැයි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි.

එහෙත් මේ මඟින් එම පාසල්වල අධ්‍යයන කටයුතුවලට බාධාවක් සිදු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පාසල් වසා තැ‍බෙන කාල සීමාව වෙනුවෙන් පසුගිය පාසල් නිවාඩුකාලය අඩුකර කලින් පාසල් ආරම්භ කළ බව පෙන්වාදුන් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ තවදුරටත්

 

53 මැඩෝනා සහ 24 පෙම්වතා

53 මැඩෝනා සහ 24 පෙම්වතා

සුපිරි පොප් ගායිකා මැඩෝනා ගේ පෙම්වතා 24 වැනි වියේ පසුවන තරුණයෙකු බව ඇය ප්‍රකාශ කර ඇත. බ්‍රහීම් සයිබා නම් ඔහු වෘත්තියෙන් නර්තන  ශිල්පියෙකි.

ලන්ඩනයේ පැවති උත්සවයකදි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය තම පෙම්වතා ගැන හෙලිකර ඇත.

ආදරය සහ සතුට නිසා තමන්ට තවමත් සිය තරුණ බව රැක ගැනීමට හැකිවී ඇති බවත් මේ වන විට තමන් 53 හැවිරිදි වියේ පසුවන බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත

 

විශ්වවිද්‍යාල පාලනය කරන්න බැරි උපකුලපතිවරු ඉවත්කරනවා - එස්.බී

ආණ්ඩුවට අවශ්‍ය ලෙස විශ්වවිද්‍යාල පාලනය කර ගත නොහැකි උපකුලපතිවරුන් ඉවත් කිරිමට වුවද පසුබට නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානයක පවසයි. අද මහනුවර දිවුලගල, පැවති උත්සවයක් අමතමින් එස්.බී. දිසානායක අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"ජේ.වී.පී. එකේ ඇතුළ දෙකට කැඩිලා ඒ, කැඩිච්ච කණ්ඩායම දැන් විශ්වවිද්‍යාලේ ඔවුන්ට නැති වෙච්ච බලය ගැනීම සඳහා මාරන්තික සටනක යෙදිලා ඉන්නවා.

හැබැයි විශ්වවිද්‍යාල පාලනය කර ගන්න උපකුලපතිවරුන්ට බැරි නම් ඉවත් කරලා හරි මේ විශ්වවිද්‍යාල නිදහසේ ස්වාධීනව වැඩෙන්න අවශ්‍ය පරිසරයක් සකස් කරලා දීලා අපේ දරුවෝ අතිගරු ජනාධිපතිතුමා හිතන විදියට ක්ෂිතජයට ඉහළින් ලෝකය බලන්න පුළුවන් මහා විද්‍යාර්ථයින් බවට පත් කිරීමේ මහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අපි කරන්න යනවා.

 

ගල්කිස්ස අනතුර ගැන ජනපතිගේ අවධානය

ගල්කිස්ස අනතුර ගැන ජනපතිගේ අවධානය

ගල්කිස්ස අනතුර ගැන ජනපතිගේ අවධානය

January 19, 2012  10:14 am

ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ(18) සිදුවූ පාසල් වෑන් රථ අනතුර සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

මේ අතර දැනට පාසල් ළමුන් ප්‍රවාහනය කෙරෙන වෑන් රථ නිශ්චිත ප්‍රමිතියකට ගෙනඒම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව ද සඳහන්ය.

පාසල් වෑන් රථ සම්බන්ධයෙන් දැන‍ට ගෙන යන නියාමන ක්‍රියාවලිය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එම අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

ඊයේ උදෑසන පාසල් වෑන් රථයක් අනතුරට ලක්විමෙන් එහි ගමන් ගත් ළමුන් 8 දෙනෙකු තුවාල ලැබීය.

Last Updated (Thursday, 19 January 2012 18:33)

 
Paid Advertisement
 


MusicPlaylist
Music Playlist at MixPod.com

ada derana.jpg mirror.jpg
div-head.jpg enews
ethalaya.jpg Lanka.jpg
irudin-head.jpg Is-head.jpg
lakb-head.jpg laknews-head.jpg
Lanka.jpg lankad-head.jpg
lankapeg.jpg morninglead-head.jpg
mirror.jpg natio-head.jpg
navali-head.jpg rava-head.jpg
rivir-head.jpg silu-head.jpg
so-head.jpg tamilmirror.jpg
times-head.jpg vidusa-head.jpg
vimasuma
cdn-head.jpg bottomlin-head.jpg
siyath-head.jpg newsfirst.jpg
 


Who's Online
We have 45 guests online